රණවිරු සැමරුමට වාහන ගමනය සීමා වෙයි
මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් 19 දා පැවැත්විමට නියමිත රණවිරු සැමරුම් පෙළපාලියේ පෙරහුරු හේතුවෙන් අද (15දා) සිට 18දා දක්වා සෑම දිනකම පෙ.ව. 06.00 සිට පස්වරු 4.30 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පෙරහුරු පෙළපාලි පැවැත්වෙන දිනයන්හි මාතර වෙරළ පාර පමණක් වසා තැබීමට නියමිත අතර අලුත් තංගල්ල පාර ඔස්සේ වාහන ගමනාගමනය සිදු කිරිමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.
වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත මාර්ග
මාතර වෙරළ පාර, යුධ හමුදා පිළිරුව අසල සිට එළියකන්ද හංදිය දක්වා 18 දා පෙ.ව 6.00 සිට 19 දා උත්සවය අවසන් වන තෙක් වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
අලුත් තංගල්ල පාරෙන් වෙරළ පාරට ඇතුළු වන සියලුම අතුරු මාර්ග අද , හෙට හා 17 යන දිනයන්හි පෙළපාලි පුහුණුව සිදු කරනු ලබන වේලාවන් අනුව එම අවශ්‍යතාවය අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

