රටේ වත්මන් ආර්ථීක තත්ත්වය ගැන ජාතික ආර්ථීක සභාව සාකච්ඡා කරයි
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු විද්වතුන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (02දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථීක සභාව රැස්වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථීක තත්ත්වය පිළිබඳව විද්වතුන්ගේ අදහස් ලබාගැනීම මෙහිදී සිදු වූ අතර, ප්රමුඛ පෙළෙහි සමාගම් රැසක සභාපතිවරු ඇතුළු නියෝජිතයන්ද මීට එක්ව සිටියහ.
එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සියලු ප්‍රධාන වාණිජ මණ්ඩලවල ප්‍රධානීන්ද, මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නියෝජිතයන්ද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.
රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබ`දව ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කර ඇත.
රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවත්, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක්ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත් මෙහිදී මහ බැංකුව පෙන්වා දී තිබේ.
අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප්රතිලාභ සහ අවස්ථා පිළිබඳවද මෙහිදී ජාතික ආර්ථීක සභාව දැනුවත් කර ඇත.
එමෙන්ම, බදු ප්‍රතිපත්තිය පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

popular news
-
Champa Wednesday, 03 October 2018 11:17 PM
හොඳ දැක්මක් තියෙන ස්ථාවර ආණ්ඩුවක් වුනා නම් 2015 ඉඳන් මේ වෙනකොට ඩොලරයේ අධිප්රමාන වීමෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්න කටයුතු කරලා. රුපියල අවප්‍රමාණ වීම නවත්තනවා කියන එක විකාර කතාවක්. එහෙම කරන්න ඕගොල්ලෝ වගේ ආනයනයෙන් ජීවත් වෙන ආණ්ඩුවකට බැහැ. කරන්න ඕනේ වෙනත් දෙයක්. මේකට තියෙන්නේ process එකක්. උදාහරණයක් විදිහට චීනේ තමන්ගේ යුආන් එකේ අගය ඩොලරයට සාපේක්ෂව උවමනාවෙන් අඩු කරනවා හෝ පාවෙන්න අරිනවා ඒ මොකොද කිව්වා නම් තමන්ගේ අපනයන වැඩි කරගන්න. දැන් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ආපු දවසේ ඉඳන් කලේ ගොවීන්ට දීපු සහනාධාර කපල, ග්‍රාමීය කර්මාන්ත බිඳ වට්ටලා, හැම දේම පිටරට වලින් ගෙනාපු එක. මතකද ලෝකේ හොඳම මුදල් ඇමති ඒ දවස් වල කිව්වා ලංකාවේ ගොවීන්ගේ වී ගන්නවට වඩා ඉන්දියාවෙන් හාල් ගේන එක ලාබයි කියලා. ඉතිහාසයේ කවදාවත් නැති විදිහට පිටරටින් භාණ්ඩ ගේන්න ගත්ත. දැන් ඕගොල්ලන්ට ඒවාට හුඟක් ගෙවන්න වෙලා. දැන් හුඟක් පරක්කු වැඩියි. කඩා වට්ටපු ආර්ථිකය ඔගොල්ලන්නට ගොඩ ගන්න බැහැ. එමොකොද ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් නිසා. ඒ හින්ද ඕගොල්ලෝ දැන් නිකම් පවු නොදී ගෙදර යන්න ලැහැස්ති වෙන්න.
Reply : 0 0
Champa Wednesday, 03 October 2018 11:56 PM
ඊළඟට වෙන්නේ ඕගොල්ලන්ගේ මහ බැංකු සංචිතයේ තියෙන ඩොලර් ටික ඉවර වේගෙන යන එක. අපේ රට ගැන මොන කතාද. තූර්කිය වගේ රටවල ආර්ථිකය කඩා වැටෙනවා බලා ඉන්දත්දී. තුර්කිය හිතනවා මේක ඇමරිකාව කරපු කුමන්ත්‍රණයක් කියලා. ඉන්දියාව කාලෙක ඉඳන් ඒ ගොල්ලන්න්ගේ සංචිත වල තියෙන ඩොලර් විකුණුව ඉන්දියන් රුපියල කඩා වැටෙන එක නවත්තන්න. තව මොකක් හරි ආසියානු රටකුත් එහෙම ඩොලර් සංචිත විකුණුව තමන්ගේ රටේ මුදල් අවප්‍රමාණ වෙන එක නවත්තන්න. ඒ විතරක්ද ඉන්දියාව අපේ රටට කරන අපනයනය සීයට දෙසීයකින් විතර දැන් වැඩි කරලා නේද මේ අවුරුදු 3ට? අපි කිව්වා ඒකට ඉඩ දෙන්න එපා කියලා. ඇහැව්වේ නැහැ. ඕගොල්ලෝ ඉන්දියාවේ උගුලට අහුවුනා. දැන් ඕගොල්ලන්ට ඉස්සරට වඩා ඩොලර් ඕනේ භාණ්ඩ ආනයනය කරන්න. අනිත් රටවල් මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වේලාසනම වැඩ කරත්දී ඕගොල්ලෝ කලේ විරුද්ධ දේශපාලකයන්ට නඩු දාපු එකයි ලේසියෙන් සල්ලි හොයන්න රටේ සම්පත් විකිනපු එකයි, තව තව ණය ගත්ත එකයි. ඕගොල්ලන්ට දැන් මක් කරන්නද? සරල භාෂාවෙන් කියනවා නම් ලෝකේ පුරා ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඒකට මුහුණ දෙන්න ඕගොල්ලන්ට විදිහක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

