රට පාලනය කරන්න බැරිනම් කියන්න - සජිත්
ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය ගත් තීරණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් අදහස් ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ රජය පිළිබඳව ලැජ්ජා වන බවත් රට පාලනය කළ නොහැකිනම් පවසන ලෙසයි.
සමගි ජන බලවේගය විසින් සමෘද්ධියේ හා සංවර්ධනයේ යුගයක් උදාකරණ බවත් ඔහු පවසයි.
එම ප්‍රකාශය පහත දැක්වෙයි.
“92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින් ද සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද මිල ඉහළ නැංවීමට නියමිතය. පොහොට්ටුව ආණ්ඩුව පිළිබඳ ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. ඔබට රාජ්‍ය පාලනය සිදුකළ නොහැකි නම් ඒ බව ප්‍රකාශ කරන්න. සමගි ජන බලවේගය විසින් සමෘද්ධියේ හා සංවර්ධනයේ යුගයක් උදා කරනු ඇත.”
popular news
-
Deepal Nirosh Saturday, 12 June 2021 10:52 AM
ඔහොම කට ඇරගෙන බකන් නිලාගෙන ඉන්න, "උම්බෑ" කියලම කියාවි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
