රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතිනවා
රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටියි.
මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව ඔහු සඳහන් කර සිටියි.
ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට නොහැකි වී ඇති බවත් මෙලෙස සොයා ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
-
Atul Rathnayake Sunday, 14 November 2021 10:57 AM
business ekak karamuda?
Reply : 3 69
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

