පක්ෂවල දේශපාලන අර්බුද ගැන කථා කරනවාට වඩා රටේ ජනතාවට ප්‍රශ්න ඇති බවත් ඒ වෙනුවෙන් කථා කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
බියගමදී පැවැති ජන හමුවකදී ඔහු සඳහන් කළේ වර්තමානය වන විට රටේ ප්රජාතන්ත්රවාදය බරපතල අර්බුදයක පවතින බවයි.
මේ වන විට රට තුළ උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයට මර්දනයක් දියත් වන බවත් ඒ පිළිබඳව කනගාටුවන බවත් ඔහු පැවැසීය.
නීතිය ක්‍රියාත්මකවීමේදී එක් පාර්ශ්වයකට වෙනමම නීතියක් හා තවත් පාර්ශ්වයකට තවත් නීතියක් ක්‍රියාත්මක වීම ප්රජාතන්ත්රවාදය අගයන සමාජයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී එක් නිරෝධායන නීතියක් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවට වෙනත් නිරෝධානය නීතියක් ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.
