රටේ අධ්‍යාපන තින්දු තිරණ දේශපාලනඥයින් නොව අධ්‍යාපනඥයින් ගත යුතුයි - ජනපති
රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.
දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත්රයේ ප්රවිණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය අද රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.
ජනපි‍්‍රය පාසල් යන සංකල්පය ඉලක්ක කර ගනිමින් 05 වසර ශිෂ්‍යත්වය තුළ ඇතිව ඇති තරගකාරිත්වය රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යහපත් තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය රටේ දරුවන් වෙනුවෙන් කඩිනමින් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපතිතුමා පැවසිය.
ජනපි‍්‍රය පාසල් සහ හොඳම පාසල් යන සංකල්පය තුළ අද රටේ දරුවන්ට අධ්‍යාපනයේ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර විධිමත් අධ්‍යාපන සැලැස්මක් තුළ සියලූ පාසල් හොදම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතින් දිනා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ ය.
05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විකල්ප වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී අධ්‍යාපනඥයන් ඇතුළු ක්ෂේත්රයේ ප්රවිණයන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරිහු සහ අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වත් පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
-
Dayan Thursday, 11 April 2019 07:38 PM
මෙයා අධ්යපනග්නේයෙක් වෙන්න ඇති . එකනේ පහේ ශිස්යත්වේ අවලංගු කරන්න හදන්නේ.
Reply : 0 0
rocky Saturday, 13 April 2019 07:48 AM
උතුමාණනි, ඔය කතාකරන්නේ රෙද්දක් ඇඳ ගෙනද? ගුරුවරියක දනගස්වපු අමනයාට නොමිනේෂන් දුන්නේ කවුද? ගුරුවරියකට තර්ජනේ කරපු අර අළුගෝසු මහා ඇමතියාව ආරස්සා කරන්නේ කවුද?ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ඔබ තවදුරටත් ලජ්ජා නැතුව ඔතන හිටියාට, ඔබ ජනාධිපති හැටියට පිළිගන්න අමාරුයි නේද?
Reply : 0 0
Deepal Nirosh Saturday, 13 April 2019 03:11 PM
තීරණ ගත යුත්තේ අධ්‍යාපනඥයින් නම් කොහොම ද තමුන් තීරණය කළේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්න ඕන කියල? අනික දේශපාලඥයින් පුටුවල ඉන්නෙ ඒ වරප්‍රසාද භුක්ති විඳින්න විතර ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

