රටින් රබර් කිරි ගෙන්වීමෙන් ලංකාවේ රබර් කර්මාන්තයේ කඩාවැටීමක්
බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් ලංකාවේ රබර් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙන බව ලංකා වතුසේවා සංගමය පවසයි.
බදු සහන යටතේ අඛණ්ඩව රබර් කිරි ගෙන්වීම නිසා මේ වනවිට ලංකාවේ රබර් ෂීට් කිලෝවක මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබෙන බවද එම සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා සඳහන් කළේය.
රබර් ෂීට් කිලෝවක් මීට පෙර රුපියල් හයසීයත් පන්සීයත් අතර මුදලකට අලෙවි වූ බවද ඒ මහතා පවසා සිටියේය.
මේ හේතුවෙන් රාජ්ය හා පෞද්ගලික රබර් වතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, මීට පෙර ලංකාවට රබර් කිරි ගෙන්වූයේ ලංකාව තුළ රබර් කිරි නිෂ්පාදනය නොවන කාලවලදී පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
එහෙත් මේ වනවිට රබර් කිරි අඛණ්ඩව ලංකාවට ගෙන ඒම නිසා ලංකාවේ රබර් ෂීට් මිල දිගින් දිගටම පහළ යමින් තිබෙන බවත්, මේ නිසා රබර් කිරි මිලත් විශාල ලෙස පහත වැටී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
රබර් කිරි මිල පහළ යාම නිසා රබර් කිරි ලාබාදීමට වගා කටයුතු කර තිබෙනා ගොවීන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවද කියා සිටියේය.
popular news
-
Demuni de silva Friday, 22 March 2019 03:47 PM
Our main crops are Tea,Coconut
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

