හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් වන තීරණය නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දැනුම් දී ඇත.
සිංගප්පූරුවේදී සිදුකළ හෘද සැත්කමකින් පසු ලබාගත යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි. ( I J)