රටට ආදරයක් තිබේ නම් ජනාධිපතිතුමාට සහාය දි පොහොට්ටුව දිනවිය යුතුයි
රටට ආදරයක් තිබෙන රටේ අනාගතය ගැන හිතන හොද අනාගතයක් පතන මේ රටේ සියලු ඡන්දදායකයින්ගෙන් රටේ වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණට ඡන්දය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුව පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ බලය වර්තමාන ජනාධිපතිවරයා හැර වෙනත් පාර්ශවයට ගියහොත් රට විශාල අර්බුදයකට යන බව ද හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,
"මේ රටේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රටට ආදරයක් තිබෙන රටේ අනාගතය වෙනුවෙන් තමාගේ වගකීම් හා යුතුකම් ඉටු කිරීමේ දී පොහොට්ටුව ලකුණට ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්මක ගැන. ඒකට හේතුව තමයි මීට මාස හය හමාරකට පෙර රටේ ජනතාව නව ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ලෙස පත් කරගත්තේ පොහොට්ටුව ලකුණින් පොදුජන පෙරමුණෙන්.
පාර්ලිමේන්තුවේ බලය වර්තමාන ජනාධිපතිතුමා හැර වෙනත් පාර්ශවයකට ගියහොත් රට විශාල අර්බුදයකට යනවා. මේකේ හොදම අත්දැකීම තිබෙන්නෙ මට තමයි. වසර 5ක් පමණ කාලයක් රටේ රාජ්‍ය නායකයා විදිහට කටයුතු කළා. ඉන් වැඩි කාලයක් මම රට ගෙනිච්චෙ පාර්ලිමේන්තුවේ මට බලයක් නැතුව. මගේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලයේ බහුතරයත් මට නෑ. ඒ තත්ත්වය තුළ රට ආපස්සට යන්න කරුණු ගණනාවක් සිද්ධ වුණා. ගැටුම් ඇති වුණා. අද රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා මුලු ලෝකයේම තිබෙන ආර්ථික අර්බුදයේ කොටසක්. එය අපේ රටටත් බලපාල තිබෙනවා. අපි හෙට දවස වෙනුවෙන් මේ රටේ අද ඉන්න ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් රට ගොඩගන්නට ඕන. ඒකට ආණ්ඩුව කාගෙද මොන පාටද කියන ප්රශ්නය නෙමෙයි රට ගැන ආදරයක් තිබෙන සෑම කෙනෙක්ම අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ බලය ශක්තිමත් කළ යුත්තේ අපේ රට ගොඩ ගන්නයි.
දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරමින් දුගීබව තුරන් කිරීමට මූලික වශයෙන්ම ජාතික ආදායම් වර්ධනය කරන්න නම් පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිතුමාට ලබා දීමයි. ජනාධිපතිතුමා එක පැත්තකයි පාර්ලිමෙන්තුව එක පැත්තකයි තිබුණොත් මට වගේ රට පස්සට යනවා. ඒක නිසා විපක්ෂය මොනවා කිව්වත් මොන කතන්තර කිව්වත් රටේ පාලන බලය දිය යුත්තේ ජනාධිපතිතුමාගේ පාර්ශවයටයි. ඒක නිසා රටට ආදරය කරන ජනතාව හිතන්නට ඕන කුමන දේශපාලන සංවාද විපක්ෂය ඉදිරිපත් කළත් රට වෙනුවෙන් ආදරය කරන ජනතාව රට වෙනුවෙන් එකට සිටින්නට ඕන.
අද ලොකයේ හැම රටක්ම යන්නෙ ආර්ථික වශයෙන් සෘණ මට්ටමෙන්. කිසිම රටකට උදවු කරන්න හැටියක් නෑ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් ආණ්ඩුව ශක්තිමත් කරන්න නම් විපක්ෂයට ඡන්දය පාවිච්චි කරලා දේශපාලන අර්බුදයක් හැදීම නොවෙයි කළ යුත්තේ වර්තමාන ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න පොහොට්ටුව ශක්තිමත් කරලා වැඩි අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිතුමාට සහය දෙන්න පත් කර ගැනීම. ඒ වැදගත් කම සැම කෙනෙකුම දේශපාලන කුහක කමෙන් තොරව ආණ්ඩුව ශක්තිමත් කරන්න ලබා දිය යුතුයි යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
thilak Saturday, 13 June 2020 05:31 PM
waiting for your word, ane mage kata
Reply : 0 0
Demuni Uduwara Saturday, 13 June 2020 07:22 PM
My3, are you mad?
Reply : 0 0
Hubert Sunday, 14 June 2020 08:46 AM
Pl do not insult domestic animal
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

