රජයේ සියලු වාහනත් කාබන් බද්දට යටත්
මේ වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙම බද්දෙන් නිදහස් කර ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පමණක් බවද ඔවුන් අවධාරණය කරයි. රජය සතු වාහන මෙම බද්දෙන් නිදහස් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලෙස එම අමාත්‍යාංශය ඊයේ (17දා) මේ බව නිවේදනය කළේය.
2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර තිබේ.ඒ අනුව සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අය කිරීමට නියමිතය.
එහිදී වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද අය කෙරේ. වසර 5ට අඩු, වසර 5-10 ත් අතර, වසර 10ට වැඩි ලෙස මෙම කාණ්ඩ වෙන් කර ඇත. මෙහිදී කාබන් ඝන සෙන්ටිමීටරයක් සඳහා මෙම බදු මුදල් අය කෙරේ.
ඒ අනුව දෙමුහුන් මාදිලියේ පෙට්‍රල්/ඩීසල් රථයක් වසර 5ට අඩු නම් ඝන සෙන්ටිමීටරයක් සඳහා ශත 25ක්ද, වසර 5-10 ත් අතර නම් ශත 50 ක්ද, වසර 10ට වැඩි නම් රුපියලක්ද ලෙස අය කෙරේ. එසේම ඉන්ධන මගින් ක්‍රියාත්මක ඩීසල්/පෙට්‍රල් රථයක් සඳහා වසර 5ට අඩු නම් ශත 50ක්ද, වසර 5-10 ත් අතර නම් රුපියලක්ද, වසර 10ට වඩා පැරණි නම් රුපියල් 1.50ක්ද කාබන් බද්ද ලෙස අය කෙරේ.
මීට අමතරව මගී ප්‍රවාහන බස් රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස කාබන් බද්ද අය කිරීමට තීරණය වී ඇත. එහිදී වසර 5ට වඩා අඩු බස් රථ සඳහා රුපියල් 1000ක්ද, වසර 5-10ත් අතර පැරණි බස් රථ සඳහා රුපියල් 2000 ක්ද, වසර 10ට වඩා පැරණි බස් රථ සඳහා රුපියල් 3000 ක්ද වන පරිදි බදු ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

popular news
-
Bandula. Friday, 18 January 2019 11:33 AM
වැහි නැති අකුණු පුපුරාවි මෙයාලගේ ඔලුව උඩ. (ජනතාවට දෙන බරට!)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

