රජය විසින් ලබාදෙනු ලබන සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයට වව්නියාව දිස්ත්‍රික්කයේදී ඊයේ (29) දින ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය.
‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විටත් වතමන් රජය විවිධ වූ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති ඇති බවත් පූර්ණ කාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම වැටුප් ක්‍රමයක් සඳහා සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති පත් කරන ලද කමිටුවේ වාර්තාවද මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කර ඇතැයි නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවැසීය.
“මාධ්‍යවේදීන් කියන්නේ රජයෙන් වැටුපක් නොලබන ස්වේච්ඡාවෙන් මැදිහත්වෙලා ඉතාම වැදගත් කාර්යක් කරන කොටසක්. ඒ අයගේ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවෙලා ඉන්නවා වගේම ඒ අයගේ සුභසාධනය වෙනුවෙන්ද රජය විශාල කැපකිරීමක් සිදු කරනවා. ඒ නිසා පෙරළා මාධ්‍යයෙන් ඉල්ලන්නේ පුලුවන් තරම් සත්‍ය වාර්තා කරන්න. රජය විවේචනය කරද්දි රජයටත් කියන්න දෙයක් තියෙනවා. රජයෙනුත් ඒ ගැන අහන්න ඒකට උත්තර දෙන්න ඕනෑම වෙලාවක ලැහැස්තියි”