රජයේ මුද්‍රණ කටයුතු මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්
විදේශ ගමන් බලපත්‍ර ,ජාතික හැදුනුම්පත් ,රියදුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්රමුඛ කටයුතු සියල්ල ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ අනුව මුලික පියවර විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් මෙන්ම වැඩපිළිවෙල සකස් කළ යුතු බැව් අමාත්‍යවරයා පැවසීය.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්විමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට මුද්දර , ඡන්ද පත්‍රිකා , විසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කෙරෙන අතර ආරක්ෂිත මුද්‍රණ කටයුතු ඉන් සිදුවේ.
අමාත්‍යාංශ රජයේ ආයතන , දෙපාර්තමේන්තු ආදියෙහි මුද්‍රණ කටයුතු වලින් 50% හෝ ප්‍රමාණයක් මෙන්ම සියලු ආරක්ෂිත මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු මගින් සිදුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මෙන්ම අවකාශ සොයබලා ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
