රජය ගෑස් ගෙන්වීමට යයි
මෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත් සමාගම් අතර පවතින ව්‍යාපාරික අර්බුදය ගෑස් හිගයට හේතුවක් වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස රජය මුල් වී ගෑස් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
මහනුවරදී ඊයේ (01) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා ඒ බව අවධාරණය කළේය . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“එම වැඩපිළිවෙළ මේ වසරේ වෙළඳ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . තම ව්‍යාපාර පුළුල් කර ගැනීමේ අරමුණින් සමහර ආයතන බොරදියේ මාළු බෑමේ න්‍යාය ක්‍රියාත්මක කරමින් තම ව්‍යාපාර අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඇතැමුන් ක්‍රියා කරමින් සිටිනවා . එම නිසා ජනතාවගේ දෝෂදර්ශනයට ලක් වීමට සිදුව තිබෙන්නේ රජයටයි .
තම ව්‍යාපාරික අරමුණු සඳහා යම් අයෙකු හෝ කණ්ඩායමක් සැලසුම්සහගතව ජනතාව පීඩාවට පත් කරන්නේ නම් රජය කළ යුත්තේ ඒ අවස්ථාවට මැදිහත්ව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි . එය ඉදිරියේ දී ක්‍රියාත්මක වනවා.
ගෑස් අලෙවි කිරීම මේ වන විට ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම නිසා ඔවුන් ඒකාධිකාරියක් ගොඩනඟාගෙන සිටිනවා . සමාගම් පහක් පමණ මෙම කාර්යයේ නියැලී සිටියා නම් සමාගම් අතර පවත්නා තරගකාරිත්වය තුළින් ජනතාවට වඩා වැඩි ප්රතිලාභ අත්වනවා”
ෂේන් සෙනෙවිරත්න
popular news
-
JOSEPH de Silva Sunday, 02 January 2022 09:43 PM
Thought that Litro is a state owned company.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

