රජයේ විධායක නිලධාරීන් 11දා එක්දින වර්ජනයක්?
අධිකරණ සේවාවලට ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව විධායක සේවාවල වැටුප් ඉහළ දැමීමට තවමත් රජය අසමත් වී සිටින නිසා එයට එරෙහිව මේ මස 11 වැනිදා එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය වන ආකාරයට අධිකරණ සේවාවල වැටුප 365%ක ප්‍රමාණයකින් ඉහළ දැමූ බවද එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් ක්‍රියාත්මක වන්නේ ජාතික වැටුප් ප්රතිපත්තියකට අනුව බවත්, මේ අනුව එක් කණ්ඩායමකට වැටුප් ඉහළ දැමීමට කටයුතු කළහොත් ඊට සාපේක්ෂව අනෙකුත් සේවාවලට වැටුප් ඉහළදැමිය යුතු බවත් ඔහු කියා සිටියේය.
එහෙත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම නිසා විධායක සේවාවල නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත්, මෙම ගැටලුව විසඳාගැනීමට බලධාරීන් සමග සාකච්ඡා කළද, එම සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා ගණකාධිකාරී සේවා, සැලසුම්, ප්‍රසම්පාදන, ඉංජිනේරු, කෘෂිකර්මය ඇතුළු සේවා 10ක් සහ ඊට සමාන්තර සේවා 10ක රාජ්‍ය නිලධාරීන් 11 වැනිදා එක්දින වැඩ වර්ජනයක් සිදුකරනබවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
Rizna Friday, 06 July 2018 10:06 AM
රජයේ සංස්ථා/මණ්ඩල වල විධායක padi වල තත්වයත් ඕකම තමා. සමහරක් තෙන් වල අවුරුදු 25 - 30 සේවා එති නිලදාරීන් එම ඉහල ශ්‍රේණි වල ඉදන් මද්යම කළමනාකරු 1 -1 තනතුරට පල්ලෙහට දාල. ඉතින් කලකිරීම බොහොමය් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

