සවස 4.00න් පසු සි.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමේදී පවතින ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා, අගෝස්තු පළමු වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවරජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමය පැවසීය.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කළද, ගැටලුවලට විසඳුම් නොලැබෙන නිසා පළමු වැනිදා සවස 4.00 සිට පැය 16ක කාලයක් සේවයෙන් ඉවත් වන බවත්, ගැටලුව විසඳන තෙක් සෑම දිනකම සවස 4.00 සිට පැය 16ක කාලයක් සේවයෙන් ඉවත්වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහල, ශික්ෂණ රෝහල් සහ මහ රෝහල් තුළ සවස 4.00ත් පසුදින උදෑසන 8.00ත් අතර කාලය තුළ විශාල ලෙස සී.ටී. ස්කෑන් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
පැය 16ක කාලයක් දෛනිකව සේවයෙන් ඉවත්ව සිටින නිසා මෙම රෝහල් ඇතුළුව සි.ටී.ස්කෑන් පරීක්ෂණ සිදු කරන මූලික රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටින බවත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින්බාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
