රජයේ මුදල් උපයෝගී කරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් දේශපාලනඥයන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන ක්‍රියාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අමාත්‍යවරුන් නිසි ලෙස වැඩ කටයුතු කරනවා නම් ජනතාව උපහාර දැක්වීම සිදුකළ හැකි බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති තනතුරට පත්වීම සම්බන්ධයෙන් අද (31දා) පැවැත්වෙන උත්සවයට ලෝක සෞඛ්‍ය සංවිධානය මුදල් ලබාදී නොමැති බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සුවපති නමින් උපහාර පිදිමේ උත්සවයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.
