රජයේ පශු වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයෙන් කටයුතු අඩාලයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සහ අයවැයට විරෝධය පාමින් රජයේ පශු වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් (17) දින ආරම්භ කර ඇත.
එම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතු ආශ්රිත පශු වෛද්‍ය කාර්යාලවල සේවය කරන අනෙකුත් සේවකයන් සේවයට වාර්ථා කර තිබුණද පශු වෛද්‍යවරුන් (17) දින සේවයට වාර්ථා කර නොමැත.
වැඩ වර්ජනයේ නියැලි සිටින පශු වෛද්‍යවරුන් කියා සිටියේ, දිවයින පුරා සේවය කිරිමට පශු වෛද්‍යවරුන් 950කට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතු බවත්, දැනට සේවයේ රැදී සිටින්නේ පශු වෛද්‍යවරුන් 660ක් පමණක් බවයි.
අලුතින් පශු වෛද්‍ය සේවයට වෛද්‍යවරුන් එක් නොවන නිසා දැනට සේවයේ නියුතු පශු වෛද්‍යවරයෙකුට පශු වෛද්‍ය කලාප දෙක තුනක් ආවරණය කිරිමට සිදු වී ඇති බවයි.
දැනට සේවයේ නියුතු පශු වෛද්‍යවරුන් 660 දෙනෙකුගෙන් පශු වෛද්‍යවරුන් 40 දෙනෙකු පමණ විශ්‍රාම යෑමට නියමිත බවත්, තවත් පශු වෛද්‍යවරුන් පිරිසක් දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා අවුරුදු 55න් විශ්‍රාම ගොස් පෞද්ගලික පශු වෛද්‍ය සේවයට එක් වීමට තීරණය කර ඇති බවයි.
පවතින ගැටළු සම්බන්ධයෙන් රජය සමග අවස්ථා කිහිපයකදී සංකච්ඡා කලද එයට මෙතෙක් විසදුම් නොලැබුන බවද සංකේත වැඩ වර්ජනයේ නියැලී සිටින පශු වෛද්‍යවරුන් කියා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
