රජයේ පටි තද කර ගැනීමට බැසිල් යෝජනා ගෙනෙයි
රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
2021 වර්ෂය සඳා ඇස්තමේන්තු ගත කර ඇති රුපියල් බිලියන 2694ක රජයේ අත්‍යාව්‍ය පුනරාවර්තන වියදම තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාව තුළ රජය විසින් දැරීමට අපේක්ෂිත සමස්ත වියද් නැවත පූර්ණ ලෙස සමාලෝචනය කිරීමට සිදුව ඇති බවද වාර්තා වෙයි.
එන්නත්කරණය, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක්වූ පවුල් වෙත සහන සැලසීම යනාදිය සඳහා රජය ගත් පියවර හේතුවෙන් පුනරාවර්තන වියදම් තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය වියදම් නැවත සමාලෝචනය කරමින් වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නියමිත ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය කිරීම හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීම, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු කර තිබුණත් තෛක් පත්වීම් කර නොමැති තනතුරු සඳා බදවා ගැනීම් කල්තැබීම, සුභසාධන වැඩසටන් යටතේ හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලේඛණ සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යයෙන්ම ප්රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීම යන යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය කර නොමැති කිසිඳු දීමනාවක්, සුබ සාධන වැඩසටහන්, සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමටද යෝජිතය.
සේවා අවශ්‍යතාව මත අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියලුම නිලධාරී කණ්ඩායම් වෙත ලබාදීමට වෙනුවට සත්‍ය වශයෙන්ම කාර්යයේ නියැලෙණ නිලධාරීන් පමණක් ඒවා සීමා කිරීමටද යෝජනා කර තිබේ.
එම යෝජනාව ඇතුළු යෝජනා 8 කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.
එක් එක් අමාත්‍යාංශය විසින් ඉතිරි කීරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා භාණ්ඩාගාරය වෙත තොරතුරු ලබාගැනීමද නියමිතය.
popular news
-
Hari Tuesday, 31 August 2021 12:03 PM
බැසිල්ගේ යෝජනාව පටි තද කරනවද. "පටි රෝල්ද"
Reply : 1 20
L.G.P.Jathunarachchi. Tuesday, 31 August 2021 09:24 PM
On the way So called Belts may be not enough !!!!
Reply : 0 41
Don Friday, 03 September 2021 01:48 PM
Vistas of Prosperity and Splendour ! or SAUBHAGYAYE DAKMA. Dream of 69million comes true !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

