රජයෙන් අඩුවක් සිදුවූ බව පිළිගන්නවා
ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක බවත් රජය පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා බවත් විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරමින් ඊයේ සිදුකළ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවවපිටිය, සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීමට අද (22දා) දින එහි නිරීක්ෂණය චාරිකාවකට සහභාගී වෙමිණි.
“ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තවදුරටත් තබා ගන්න. අපට ජාතික ආරක්ෂාව සැලසීමට සිදු වන්නේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම රමුවක සිටයි. කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූවාට පසුව මෙවැනි ම්ලේච්ඡත්වයක් නිර්මාණය වේ යැයි කියා අප සිහිනෙන් වත් සිතුවේ නැහැ. එම ම්ලේච්ඡත්වයට නිසි දඩුවම් ලබා දීමට අප කටයුතු කරනවා. මේ උතුම් පුදබිමේ ත්රස්තවාදයට ඉඩක් නැහැ. ඕනෑම ත්රස්තවාදයක් සුණු විසුණු කිරීමට අප සැදී පැහැදී සිටිනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
එසේම ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ පූජ්‍යස්ථාන වන කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සියෝන් දෙවස්ථානය අංගසම්පූර්ණව නැවත ගොඩනැගීමේ කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය මඟින් අද දින සිටම ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
රජින්ද Monday, 22 April 2019 04:07 PM
නොහැකියාව, නොතැකීම සහ රටට වග නොවීම වත්මන් ආණ්ඩුව අපේ රටට මෙවැනි තත්වයක් උදාකිරීමට හේතුපාදක විය. ත්‍රස්තයින්ට අපේ රට පහසු ඉලක්කයක් කලේ යහපාලන රජයයි. මොවුන් මෙසේ අපේ රට ගැන කල අවතක්සේරුව නොවන්නට, විය හැකිව තිබුනේනම් යම්දෙයක් එය සුළු තත්වයක් වන්නට තිබිණි. යහපාලන රජය ජනතාව භීෂණයට සහ ආර්ථික මරුවිටට තල්ලු කර හමාරය.
Reply : 0 0
Nilanga jayarathna Monday, 22 April 2019 06:18 PM
Apo oka sulu adupaduwakne Amathithuma. manussa jeewitha 290 wandi gewapu podi adupaduwakne. Eka bohoma podi ganak ne. (mowun Adu gane katawat wahan I nawa am loku deyak. Moda kama pradarshanaya Karan natuwa.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

