රාජිත තවත් අර්බුදයක් ඇති කළා - GMOA
බාල ඖෂධ ලබාදී සහ ඖෂධ හිඟයක් ඇති කර රටේ සෞඛ්‍ය අර්බුදයකට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදී තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සීමාවාසික වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් රට තුළ ඇති වී තිබෙන බවත්, එසේ තිබියදී රජයේ වෛද්‍ය පීඨවල අවසන් වසර විභාගය සමත් දහසකට (1000) අධික පිරිසකට මාස ගණනාවක් තිස්සේ සීමාවාසික පත්වීම් ලබාදීම ප්‍රමාද කරමින් සිටින බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍යට සිදුකරන හානියට ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සොයිසා මහතා සඳහන් කළේය.

popular news
-
Giviya Tuesday, 06 August 2019 07:22 AM
SPMC ලේබලය ගසා ඉන්දියාවෙී කර්මාන්තශාලාවකින් ගේන බෙහෙත් තත්වයෙන් බාල ඒවාය. මෙහි නිෂ්පාදනය කරන බෙහෙත්වලින් ඇමතිට හා සභාපතිට කොවිස් ලැබෙී.
Reply : 0 0
Don Tuesday, 06 August 2019 08:24 AM
දැන් අලුත් මාධිලියේ රසායනාගාර ව්‍යාපාර ලංකාවේ තියෙන මහරෝහල් අවට වැහි වැහැල. දොස්තරලා අල්ලගෙන, රජයේ රෝහල් වල රසායනාගාරවල කරන පරීක්ෂණ වැරදිය යන මතය ප්‍රචාරය කරලා, මහජනයා ගසාකන ලංකාවේ ඉහල පෙලේ යයි කියාගන්නා පුද්ගලික රෝහල්වල බෝර්ඩ් ගහගෙන ගජරාමෙට බිස්නස්. GMOA එක ඒවාට උදව් දෙනවා තමන්ගේ මලුපුරවගන්න.
Reply : 0 0
siriwardana Tuesday, 06 August 2019 10:01 AM
ඔබ සංගමය හැමදාම රාජිතට චෝදනා කරනවා. ඒවා නීතිමය ක්‍රියා මාර්ග සදහා යොමු කරනවා. නමුත් එක්කවත් සාර්ථක වෙන බවක් නෙන්නේනට නැහැ. අපට සාමාන්‍ය මිනිසුන් ලෙස පෙනී යන්නේ මේවා සාර්ථක නොවන්නේ කිසි පදනමක් නොමැතිව ඔහු සමග තිබෙන පුද්ගල වෛරය නිසා කෙරෙන ඒවා බවයි.
Reply : 0 2
Nandana Tuesday, 06 August 2019 12:09 PM
මේ දොස්තරලා නොවේ ,කාර් පර්මිට් බිල්ලෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
