රග්බි ලෝක කුසලානයේ පළමු ජය සත්කාරකයින්ට
- 20 09 2019
- 23:36
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයෙන් රුසියාව පරදා ලකුණු 30-10 ක පහසු ජයක් හිමි කර ගැනීමට සත්කාරක ජපානය සමත්විය. ජපානයේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදි අද (20දා) මෙය පැවැත්විණි. තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම රුසියාව විසින් සිදුකළද, පළමු අර්ධය අවසන් වන විටදීද ලකුනු 12-07 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ජපානය සමත්විය. ජයග්‍රාහී ජපානය උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තනයන් දෙකක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කර ගත්හ. මෙහිදී ජපානයේ කොටාරෝ මට්සුෂිමා උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කර ගත්තේය. එහිදී රුසියාව සාර්ථක කර ගත්තේ උත්සාහක දිනුමක්, එහි ප්‍රවර්තනය හා දඩුවම් පහරක් පමණි.

කොටාරෝ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
