ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එයට අනුබද්ධ ආයතනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර ඇත. මීට අමතරව ආහාර කොමසාරිස්වරයාගේ දෙපාර්තමෙන්තුවද අග්‍රාමාත්‍යවරයා යටතට පත්කර ඇත.