ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට අනුව රෝගී ජනතාවගේ රක්ෂණවරණයකින් මුදල් ගෙවීමේදීද බදු අයකර ගැනීමට කටයුතු කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ලෝකයේ කිසිදු රටක රක්ෂණාවරණයකින් බදු අයකර නොගන්නා බවත්, ලංකාව අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන සිටින සමයේදී හෝ රෝගී ජනතාවගෙන් බදු අයකර ගෙන නොමැති බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ අසාධාරණ බදු ක්‍රමය යටතේ රෝගී ජනතාව මූලික කර ගනිමින් බදු වර්ග 04ක් අයකර ගනිමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
එනම් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් බදු අයකර ගන්නා බවත්, පෞද්ගලික රෝහල්වලට බදු පනවා ආණ්ඩුව ආදායම් උපයා ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මීට අමතරව රෝගීන්ගේ සෞඛ්‍ය රක්ෂණයෙන් බදු මුදල් අයකර ගන්නා අතර, පොදුවේ රෝගීන්ට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේදීද ඒ සඳහාත් බදු අයකර ගනිමින් සිටින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
