හිටපු මන්ත්රි හා රාජ්ය නොවන ඇමති පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්රදේශයේ දී අනතුරකට ලක්වි ඇති ඊයේ ( 11) රාත්රියේ දී බව ආණමඩුව පොලිසිය කියයි.
මෙම මෝටර් රථය යසෝධ නෙතංග රංගේබංඩාර නමින් NW CBJ 2161 අංකය යටතේ ලියාපදිංචි කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ යසෝධ රංගේ බංඩාර මහතාට අයත් බව කියන මෙම සුඛෝපභෝගි මෝටර් රථය ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් සිටියදී වැලි ප්රවාහනය කරමින් තිබු පුත්තලම සිට ආණමඩුව දෙසට එමින් තිබු ටිපර් රථයක ගැටිමේන් අනතුරට ලක්වි ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදි හිටපු මන්ත්රිවරයාගේ පුත්රයා ද වාහනයේ ගමන් කර ඇති අතර මොහු රියදුරු අසුනට යාබද ඉදිරිපස අසුනේ ගමන් කර ඇති බව පොලිසිය කියයි.
නමුත් අනතුරින් පසු යසෝධ රංගේ බංඩාර හා මෝටර් රථයේ සිටි පිරිස හා ටිපර් රථයේ රියදුරු පළා ගොස් සැගවි තිබු බව පොලිසිය කියයි.
ටිපර් රථයේ ගැටුන සුඛෝපභෝගි මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති නමුත් මෝටර් රථයේ කිසිවකුටත් තුවාල සිදුව නැති බව කියයි.
අනතුරින් පසු මෝටර් රථයේ සිටි පිරිස් හා ටිපර් රථයේ පිරිස් පලා යාමත් සමග පොලිසිය අදාල වාහන පොලිස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබුනී.
අද (12) දින උදැසන තම මෝටර් රථය බැලිමට යසෝධ රංගේ බංඩාර මහතා ආණමඩුව පොලිස් ථානයට පැමිණ සිටි ආකාරයද දැක ගත හැකි විනි .
කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරා බව කියන පුද්ගලයකු පුත්තලම මුලික රෝහලට ඇතුලත් වි සිටි බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මාර්ගයේ වෙනත් වාහනයක් හෝ පුද්ගලයකු මාර්ගයේ ගමන් නොකිරිම නිසා අනතුරින් ජිවිත හානි වැලකි තිබුනී.
අවස්ථා කිපයකදී යසෝධ රංගේ බංඩාරට වාහන අනතුරු වලින් පුද්ගලයින් මාරක තුවාල සිදුකිරිම හා දේපොල වලට හානි සිදු කිරිම සම්බන්ධව චෝදනා එල්ල වි තිබේ .
