යෝෂිත රාජපක්ෂ රු මි 500ක වන්දි ඉල්ලයි
සිංහරාජ ලෝක උරුම වනාන්තයේ තමන් හෝටලයක් ඉදිකරණ බවට පරිසරවේදී සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලිමින් යෝෂිත රාජපක්ෂ මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සමාගමක් යොමුකළ එන්තරවාසියේ දැක්වෙන්නේ සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු තම සේවාදායක වන යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කොන්දේසිවිරහිත සමාවක් ඉල්ලා සිටිය යුතු බවත්, අදාළ ප්‍රකාශය පළවූ සියල මාධ්‍ය ආයතනවලින් එම ප්‍රකාශය ඉවත් කරන ලෙසත්ය.
වන්දිය නොගවන්නේ නම් දින හතක් ඇතුළත නඩු මගට පිවිසෙන බවත් අදාළ නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා සිටියි.
popular news
-
Demuni Uduwara Monday, 24 August 2020 07:00 PM
If so, Ranil can claim in trillions.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

