විදේශගත වීම වළක්වා සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට මෙම මස සති 02ක කාලයක් රටින් බැහැර වීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඊයේ (03දා) අවසර දී තිබේ.
සී. එස්. එන්. ආයතනය ආරම්භ කිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ මුදල් විශුද්ධිකරණය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පවරා ඇති නඩුවකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් නව දෙනෙකුට රටින් බැහැර වීම තහනම් කර තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සවයකට සහභාගි වීම සඳහා අවසර දෙන්නැයි යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ මොසමක් ඊයේ සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස සති දෙකක කාලයකට රටින් බැහැර වීමට හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා අවසර දී තිබේ.

හෝමාගම ජයසේන හංවැල්ල