සතියක් තුළ දෙවැනි වතාවටත් යුරෝපයේ ගුවන් ගමන් කිහිපයකට බෝම්බ තර්ජන එල්ල වී තිබේ. ඩබ්ලින් සිට රෝමය බලා පිටත් වූ Aer Lingus Airbus A320 ගුවන් යානයකට අද දිනයේදී බෝම්බ තර්ජන එල්ලවී තිබුණි ඒම ගුවන් යානය උතුරු ප්රංශයේ Evreux ගුවන් තොටුපොළකට ගොඩ බැස්සවිමට කටයුතු කර තිබුණි.
මේ අතර, ෆින්ලන්ත ගුවන් සේවයක් වන Finnair පැවසුවේ බ්රහස්පතින්දා හෙල්සින්කි සිට රෝමය දක්වා ගමන් කරමින් සිටි එහි ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් ඇති වූ බවයි.. එය ගුවන් හමුදා ජෙට් යානා මගින් ආරක්ෂා කර නියමිත පරිදි ගොඩ බස්සවා තිබේ.