යුද හමුදාව සංවර්ධනයට එනවාට විග්නේශ්වරන්ගේ විරෝධය
වවුනියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුළු දමිළ මන්ත්‍රීවරු විරෝධය පළ කර තිබේ.
වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (26දා) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාවේදී මෙම විරෝධතාව පළකෙරිණි.
වවුනියාවේ පිහිටි වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදා සහාය ලබාගත යුතු බවට රජය කැබිනට් පත්‍රිකාවකින් අනුමත කර ඇති අතර, ඒ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කමිටුවට දැනුම් දී තිබේ.
ඒ අවස්ථාවේදී, පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා විසින් කියා සිටියේ, යුද හමුදාව වැව් සංවර්ධනය කිරීමට යොදා නොගෙන එම සංවර්ධන කටයුතු ග්‍රාමීය සංවර්ධන කමිටු හරහා ලබාදිය යුතු බවයි. එමෙන්ම එයට සහාය දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද පැවසුවේ, යුද හමුදාවගේ කාර්යයන් වෙනම දෙයක් බැවින් සංවර්ධන කටයුතුවලට යුද හමුදාව දායක නොවිය යුතු බවයි.

popular news
-
සෙනෙවි Wednesday, 27 June 2018 06:32 PM
මොහු නැවතත් යුද්ධයකට පාර කපා දෙමල ජනතාව විනාශ මුඛයට ඇද දමන්න සූදානම් වන අමනයෙක් බව පෙනේ
Reply : 0 11
Don Thursday, 28 June 2018 08:00 AM
CV Wigee Walige pagagena
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

