යුද හමුදාවේ 2882ක් ඉවත්වීමට වාර්තා කරයි
අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා යුද හමුදාව ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.
වසරේ පළමු අධියර ලෙස ක්‍රියාත්මක කරන මෙම පොදු සමා කාලය යටතේ 2019 අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා දින 21 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින නිලධාරීන් සහ අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා මාස 6 ක් හෝ දින 180 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට එම අවස්ථාව ලබාගත හැක.
තවද නිවාඩු නොමැතිව මාස 6 කට වැඩි කාල සීමාවක් නොපැමිණ සිටින එහෙත් තව දුරටත් යුද්ධ හමුදා සේවයේ නැවත නිරත වීමට කැමති පුද්ගලයින් හට මෙමගින් යුද්ධ හමුදාවට නැවත එක්වීමටද ඉඩ ප්‍රස්තාව ලැබේ.

popular news
-
ටි ඉන්දික Friday, 26 April 2019 10:23 PM
යුනිෆොම් ඇඳින්න ලැබෙන්නේ කිසියම් තෝරා ගත් පිරිසකට පමණයි..මේ අවස්ථාව ලබා ඇති මුන් කාලකණ්නි කම හරිස් වී ඇත..අභිමානයක් ලබන්න පින් නැති කාලකණ්නි
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

