යුද හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 567කට හා සෙසු නිලයන් 10369කට උසස්වීම් සඳහා අනුමැතිය ලබාදිමට ජනපති ගෝඨාභය රාජපක් මහතා කටුතු කර තිබේ. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව මෙම උසස්වීම් පිරිනමා තිබේ.
මෙහිදි බ්‍රිගේඩියර්වරුන් 8ක් මේජර් ජනරාල් ධුරටත්, කර්නල්වරුන් 17ක් බ්රි ගේඩියර් ධුරයටත් උසස් කර තිබේ. 72 වැනි යුද හමුදා දිනය හෙටට (10දා) යෙදෙයි.
2019 වසරේ අගෝස්තු මස 18 දා දින සිට මේ දක්වා නිලධාරින් 3873කට හා සෙසු නිලයන් 78 707කට උසස්වීම් ලබාදි තිබේ.
