යුද හමුදාවෙන් නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
වවුනියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 118 දෙනෙකු අද (29) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් ධම්මික ජයසිංහ මහතාගේ මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර අද දින නිරෝධායනය වී නිවෙස් වෙතට රැගෙන යාම සිදු විය.
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ජෝර්දානයේ සිට පැමිණි 118 දෙනෙකු මෙසේ නිරෝධායනය අවසන් වී කොළඹ, අනුරාධපුර, හලාවත වැනි ප්‍රදේශයන්හි පදිංචි පිරිසක් නිවෙස් වෙතට ගිය අතර නිරෝධායනය අවසන් වී ගිය පිරිස් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ත යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතර විදෙස්ගතව සිටින සියලුම දෙනා පැමිණ වහාම නිරෝධායනය වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
