යුද හමුදාවට තොරතුරු දෙන්න එපා - විග්නේශ්වරන්
- 13 07 2018
- 11:15
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (12දා) කිළිනොච්චි ඩිපෝ මංසන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,
“මම කියන්න කැමැතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා. එහෙම ඇවිත් තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාලා එයාලට කියන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නෙ නැතුව දෙන්න එපා කියලා තියෙන්නෙ කියලා. මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න” යැයි පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
