යුද්දයෙන් මියගිය මහවිරුවන් 25,000කගේ නම් යාපනය නල්ලූර්හි ප්‍රදර්ශනයට
අදට (27) යෙදි ඇති මහවිරු දිනය නිමිත්තෙන් යුද සමයේදී මියගිය මහවිරුවන් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට ඇත.
නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දිනය නිමිත්තෙන් ඊයේ (26) රාත්‍රියේ මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුණු අතර අදාළ නම් ලැයිස්තුවේ මියගිය දරු මුණුබුරන් ඇත්තේද යන්න දැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන් ඊයේ රාත්‍රියේ සිට අද දිනය පුරා පැමිණෙමින් සිටින අතර ඇතැම් වැසියන් මිය ගොස් සිටි මහවිරුවන් වෙනුවෙන් මල් පහන් දැල්වීය.
අදාළ නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සැලකුණු නියගලා මල පමණක් ප්‍රදර්ශනය කොට තිබූ අතර එම සංවිධානයේ හෝ පුද්ගල ඡායාරූපයක් ප්‍රදර්ශනය කොට නොතිබුණි.
කෙසේ වෙතත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදු වන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් සීරුවෙන් සිටින අතර එවැනි සැමරිම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරිමටද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.


popular news
-
Champa Wednesday, 27 November 2019 04:00 PM
මහවිරුවන් කියන්නේ කොටි ත්රස්තවාදීන්. මෙහෙම ත්රස්තවාදීන්ගේ නම් ප්‍රදර්ශනය කරලා ත්‍රස්තවාදීන්ව සමරන්න දෙන එකම රට ලංකාව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

