යාපනය යුද හමුදා කඳවුරක නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී ජොර්දානයේ සිට පැමිණ නිරෝධායනය අවසන් වූ සාමාන්‍ය වැසියන් 166 දෙනෙකු ඊයේ (01) දින නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් රුවන් වනිගසූරිය මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර දින 14ක් සාර්ථකව නිරෝධායනය වී නිවෙස් වෙතට ගිය වැසියන් බදුල්ල , කොළඹ, පොලොන්නරුව, මොනරාගල, රත්නපුර හා හම්බන්තොට දිස්ර්ත්රීක්කයන්හි පදිංචිකරුවන් වෙයි.
නිරෝධායනය අවසන් වී ගිය වැසියන් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ත යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතර විදෙස්ගතව සිටින සියලුම දෙනා පැමිණ වහාම නිරෝධායනය වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
