යාපනයේ සෝදිසි මෙහෙයුම් වලදී යුද හමුදා නිලඇඳුම් හා උපකරණ හමුවෙයි
යාපනය චාවකච්චේරි ප්රදේශයේදී යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ (05) රාත්රියේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යුදහමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි මාර්ග බාධකයකදී සූඛෝපභෝගී කාර් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ළඟ අවසරයක් නොමැති වෝකිටෝකි 3ක් හා චාජර් 3ක් තිබී අදාළ සැකකරු සමඟ කාර් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර චාවකච්චේරි මුස්ලිම් පල්ලියක් අසල පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා නිලඇඳුම් තොගයක් සමඟ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පවසයි.

popular news
-
Champa Monday, 06 May 2019 05:26 PM
සෑහෙන ලොකු වැඩකට අර ඇඳලා තියෙන බව පේනවා හමුදා ඇඳුමින් අපරාධ කරන්න. හමුදාවේත් නම කැත කරලා දෙමලු වගේම මරක්කල්ලුත් ලැස්ති වෙලා ඉඳල තියෙනව හමුදාවට යුධ අපරාධ කරා කියල මේකෙන් පස්සේ අලුත් චෝදනාවක් කරන්න. කලින් කියපු දෙයක් නැවත කියනව. TNA එක හෝ බතුයුදීන් එක්ක පැහිල චන්දෙට එන කිසිම සිංහල දේශපාලන පක්ෂෙකට හෝ දේශපාලන නයාකයෙකුට චන්දෙ නොදිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

