යාපනය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් වාතාවරණය යථාතත්ත්වයට පත්වන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ රාජකාරි කටයුතුවල නිරත සියලුම නිලතල දරන පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (04දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය පියවර ගෙන තිබේ.
යාපනයෙ සිදුවන ආවා ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් සිදුවීම් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ පොලිස් ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එම තීරණය ගෙන තිබේ.
එමෙන්ම යාපනයේ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට සහ පොලිස් ජංගම සේවය එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද 07 වැනිදා එම දිස්ත්‍රික්කය තුළ සංචාරයක නිරත වීමට නියමිතය.
