යාපනයේ මංකොල්ලකරුවන් දෙදෙනෙකු කැලැවක සැඟව සිටියදි කඩු හා රත්තරන් සමඟ අත්අඩංගුවට
යාපනයේ ප්රදේශ රැසක ගෙවල් මංකොල්ල කන ලද පොලීසිය විසින් සොයමින් සිටි ප්රබල කොල්ලකරුවන් දෙදෙනකු කැලෑවක සැඟව සිටියදී තියුණු ආයුධ හා රත්තරන් සමගින් අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.
කන්කසන්තුරෙයි පොලිස් නිලධාරීන් පිරිසකට මාණිප්පායි කට්ටුඩෙයි ප්රදේශයේ අදාල කොල්ලකරුවන් වෙල්යායක පිහිටි කැලෑබද ප්රදේශයක සැඟව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කොල්ලකරුවන් කැලෑවේ කුඩාරමක් ඉදිකොට එහි සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
කොල්ලකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද ඔවුන් සතුව තිබී දිග කඩුවක්, රත්තරන් තිබී හමු වී ඇති අතර යාපනය පලෙයි, ඉලවාලෙයි, මාණිප්පායි, තෙලිප්පලෙයි යන ප්රදේශයන්හි සිදුවූ කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි සැකකරුවන් බවටද අනාවරනය වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කට්ටුඩෙයි සහ නවාලි ප්රදේශයන්හි පදිංචි අවුරුදු 22 හා 26 යන වයස්හි පසුවන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
