යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට තිබේ.
අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයන් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණය සාමාන්‍ය අතට පත්වනතුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇත.
එමෙන්ම ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාළ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පියවර ගෙන තිබුණි.
