යාපනයේ නාවික සෙබලුන් දෙදෙනෙකුට පහර දීමක්
යාපනය අනලතිව් දූපත් ප්රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
යාපනය කරයිනගර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලද අදාල සෙබලුන් දෙදෙනා දෛනිකව සිදුකරන ලබන සෝදිසි පාමුර සංචාරයක අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
නාවික සෙබලුන්ට පහරදුන් පිරිස් පළා ගොස් ඇති අතර අදාල පහරදීම සිදු කළ පුද්ගලියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
පහරකෑමට ලක්වූ නාවික හමුදා සෙබලුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන අතර මේ වන විට ඔවුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබයි.

popular news
-
Sameera Wednesday, 10 June 2020 02:42 PM
කොටි ඉවර උනා කිව්වට ආපසු පටන්ගන්න වගේ. සාමය කඩකරන ඕනෑම කෙනෙකුට ජාතිය ආගම නොබලා නීතිය තදින්ම ක්රියාත්මක කරන්න ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

