යාපනයේ තවත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි
නව කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02දා) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
අදාළ රෝගීන් තිදෙනාගෙන් පළමුව එක් රෝගියෙකුත් අනතුරුව තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් හමුවූ මුලු රෝගීන් ගණණ 04 ක් වන අතරම එම රෝගීන් 04 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙළි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.
මේ අතර ඊයේ (02) දින වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද තොරතුරු වාර්තා වී ඇත.
අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් හඳුනාගත් 50 කට අධික පිරිසක් හඳුනාගෙන පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

