යාපනයේ කලු පටි විරෝධය
යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය විසින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (09) දින යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
යාපනය දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබුණි.
විරෝධතාවයේ නිරත වූවන් යාපනය දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පහන් දල්වා කලුපටි මුඛයේ බැඳගනිමින් රජයට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණී.
කලුපටි විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,
‘යුද්ධය අවසන් වී වසර 10ක් ගෙවීමට ආසන්න වුවද මේ වන තුරු අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් පැවති කිසිදු රජයකට ලබා දීමට නොහැකි වූ බවත් රජය සෑම විටම අතුරුදහන් වූවන්ගේ ගැටලුවේදී ජනතාව රවටමින් මගහරිමින් සිටින බවටත්ය.
එමෙන්ම යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ වෙතට භාර වූ ඇතැම් තරුණයින්ද අද වනවිට අතුරුදහන් වී ඇති බවටත් එම තරුණයින්ට කුමක් වූවේද යන්න පිළිබඳව මෙතෙක් හෙළි කිරීමට රජය අපොහොසත් වී ඇති හෙයින් වහාම අතුරුදහන් වූවන්ට සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳව පිළිගත හැකි විසඳුමක් එම වැසියන්ට මෙන්ම ලොවටම ඉදිරිපත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවට ඔවුහු පවසති.



popular news
-
Champa Sunday, 10 February 2019 04:46 PM
යුද්ධයෙන් අපේ සොල්දාදුවෝ දස දහස් ගණන් අතුරුදහන් වුනා. තිස් අවුරුදු යුද්ධෙදි මැරුණා කියල කිව්වා රණවිරුවන්ගෙන් 99%කගේම මිනි කවුරුවත් දැක්කේ නැහැ. මිනි පෙට්ටි එව්වේ සීල් කරලා. ඇතුලේ තිබ්බේ මිනි නෙමෙයි කෙසෙල් කඳන්. යුද්ධයේදී දිවි පිදුව දකුණේ රණවිරුවන්ගේ දේහයන් දැකපු නැති සියලු ඥාතීන් ආණ්ඩුවට බල කරන්න ඕනේ තමන්ගේ දරුවන්, සැමියන්, සහෝදරයන් යුද්ධයේදී මැරුණේ කොහොමද කොතනදීද කාගේ අතින්ද කියලා සියලු විස්තර තමන්ට දෙන්න කියලා. මැරුණු දේහයන් දකින්නේ නැතුව ආණ්ඩුව කියපු දේ පිලි ගත්ත එකයි වැරැද්ද. අපේ රණවිරුවෝ රට වෙනුවෙන් හෙලපු ලේ උතුරු නැගෙනහිර පස් වලට මිශ්ර වෙලා තියෙනවා. ඔවුන්ගේ මිනී wholesale උතුරු නැගෙනහිර වළලලා තියෙනව. අපිටත් අයිතියක් තියෙනව උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න තමන්ගේ ජීවිත පූජා කරපු සිංහල රණවිරුවෝ ගැන කතා කරන්න. උතුරේ අම්මල විතරද අම්මල? දකුණේ අම්මල අම්මල නෙමෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
