යහපාලන ආණ්ඩුව මහ බැංකුවක් මංකොල්ල කාලා සංවර්ධනයත් නැවැත්තුවා - නාමල් රාජපක්ෂ
යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපිට හොරා හොරා කියලා මහ බැංකුවක් මංකොල්ල කාලා සංවර්ධනය කරපු සියලුම දේවල් නැවැත්තුවා මහ බැංකුවේ හිටපු අධිපතිතුමා නමත් වෙනස් කරගෙන යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පොල්ගහවෙල පැවැති තරුණ හමුවක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
අවුරුදු පහක් අපේ රට ආපස්සට ඇදගෙන ගියා මේ රටේ ගොවියට ධීවරයාට කම්කරුවාට වැඩියම අසාධාරණයක් සිදුවුණා නම් සිද්ධ වුණේ පහුගිය යහපාලන ආණ්ඩුවෙන් ආණ්ඩුව එදා පටන් ගත්තේ පොහොර සහනාධාරය කප්පාදු කරලා අනෙක් පැත්තෙන් මේ රටේ ශ්‍රම බලකාය රැකියා කප්පාදු කරලා ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රය බලයට ආවේ සියයට හයක් අය වැයෙන් මුදල් වෙන් කරනවා කියලා අධ්‍යාපනයට ඒ කිසිවක් අවුරුදු පහක කාලසීමාව තුළ ඒ ආණ්ඩුව කළේ නැහැ 2015 බොරු පොරොන්දු දීලා බලයට ආපු ආණ්ඩුවක් ඒ වගේම පාස්කු ප්‍රහාරය හොඳම උදාහරණය ආණ්ඩුවේ නොසැලකිලිමත් බවට ආණ්ඩුවේ නායකයන්ට පැහැදිලිව බුද්ධි අංශයේ ප්‍රධානියා කියනවා රටේ ජනාධිපතිවරයා ගේ ඉඳන් පහලට යනකම් පහුගිය යහපාලන ආණ්ඩුවේ අන්තවාදීන්ගේ ප්‍රහාරය පිළිබඳව දැනුවත් කළා කියලා .හැබැයි ඒ අය හිතන ක්‍රියාමාර්ග ගත්තේ නැහැ සමහර විට දේශපාලන හේතු තියෙන්න ඇති මොකද ඒ අයගේ පැත්තේ තමයි ඔය සාක්ෂිය දෙන ඒ ගිය ආණ්ඩු හිටපු ඇමතිවරු
යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපිට හොරා හොරා කියලා මහ බැංකුවක් මංකොල්ල කාලා සංවර්ධනය කරපු සියලුම දේවල් නැවැත්තුවා මහ බැංකුවේ හිටපු අධිපතිතුමා නමත් වෙනස් කරගෙනලු ඒ කියන්නෙ පොර professional ප්‍රොපෙසනල් හොරෙක් බලාගෙන යනකොට වෘත්තීයමය බැංකු හොරෙක් නැත්නම් ඉතින් නමයි ගමයි මාරු කරගන්න ඕනි නැහැනෙ.. මෙයා සිංගප්පූරුවට ගිහිල්ලා නමයි ගමයි උප්පැන්නෙ සියල්ල මාරු කරගෙන එකෙන්ම පැහැදිලියි මහ බැංකු මංකොල්ලයේ යහපාලන ආණ්ඩුව ඉන්න බව පහුගිය ආණ්ඩුව වගකියන්න ඕනේ ඒ ආණ්ඩුවෙ නායකයෝ මහ බැංකු මංකොල්ලය වගකියන්න අවශ්‍යයි යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
mahendra wijeratne Wednesday, 08 July 2020 02:01 PM
Mahinda Rajapaksa robbed all tsunami donations and the poor people did not get any money
Reply : 0 0
Demuni Uduwara Wednesday, 08 July 2020 05:44 PM
Another 'clean' politician speaks.
Reply : 0 0
Don Wednesday, 08 July 2020 06:36 PM
They lost the attempt to steal through an International Cricket grounds as the leading Cricketers in Sri Lanka objected vehemently, Sand filling project was also filled their pockets with millions......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
