පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එසේ පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුයේ, පිබිදෙමු පොලොන්නරුව කියලා සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තා. ඒවායේ වැඩ බාගෙට එලොවටත් නෑ. මෙලොවටත් නෑ අපිට ඒවා කැලෑ වදින්න වල්බිහි වෙන්න දෙන්න බෑ. ඒවා ජාතික ධනය. මේ විදිහට මහජන මුදල් නාස්ති වෙන්න දෙන්න බැහැ. පොලොන්නරුව නවනගරයේ වැඩ අවසන් නොකල පරිපාලන ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ අකර්මණ්‍ය වෙලා තිබෙනවා. පොලොන්නරුව තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අවශ්‍යයි. පුරවර විශ්වවිද්‍යාලය එහි පිහිටුවා පොලොන්නරුවේ ඉහළ අධ්‍යාපනයක් සහිත දරු පරපුරක් බිහි කළ යුතුයි. ඒ සඳහා මෙය හොඳ පියවරක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.