යහපාලනය නිසා සංවර්ධනයෙන් අපිට අවුරුදු පහක් ආපස්සට යන්න වුණා
පසුගිය අවුරුදු පහ යහපාලන රජය තුළ ඉතාමත් අසාර්ථක කාලසීමාවක් පසු නොකළා නම් ඒ කාල සීමාව තුළ අපේ රජය ඉදිරියට ගෙනයන්න පුළුවන් වුණා නම් මෙයට වැඩ සංවර්ධනයක් හම්බන්තොට දැකිය හැකි බවත් එසේනම් මෙතනට අපි එනකොට අපිට බලන්න පුළුවන්වෙන්නෙ නිෂ්පාදනය රටට බෙදා හරින තැනක් හැටියට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ හම්බන්තොට කර්මාන්තපුරයේ ඉදිවෙන ලංවා සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ ඊයේ පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා
''මෙම ආයෝජනයේ නියම හිමිකරුවා බවට පත්වන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එදා දකුණෙන් බිහි වූ ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට ඕන කරලා තිබුණා ලෝකයේ දියුණුවන අනෙක් රටවල් එක්ක බලනකොට අපේ රටේ කොළඹට විතරක් කේන්ද්‍ර කරගන්නෙ නැතිව ගම දියුණු කරන්න. ගම දියුණුවුණාම තමයි රට දියුණු වෙන්නෙ. ඒ වගකීම තුළ තමයි එදා හම්බන්තොට වරායක් අපේ දරුවන්ට දායාද කළේ.
එසේ හම්බන්තොට වරායක් ඉදි කළ නිසා තමයි මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙතන ඉදිවෙන්න අවශ්‍ය කරන වපසරිය හැදිලා තියෙන්නේ. වරායක් ආශ්‍රිතව තමයි කර්මාන්ත ශාලා ඇතිවෙන්නනෙ. අද ඒකෙ ප්‍රතිඵලය තමයි අපට දකින්න ලැබෙන්නෙ.අපට අද හැකිවෙලා තියෙනවා වැඩකරන ජනාධිපතිවරයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන්න. ඒ තුළ තමයි අඛණ්ඩව ඉතා ඉක්මණින් මේ වගකීම ඉටු කරන්නෙ. ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලන විට මෙම කර්මාන්ත ශාලාව ඉතාමත්ම දැවැන්ත කර්මාන්ත ශාලාවක් බවට පත්වෙනවා. එක පැත්තකින් අපිට සතුටුවෙන්න පුළුවන් අපේ රටේ මේ වගේ දේශීය ව්‍යාපාරිකයෝ මෙවැනි දේවල් කරනවිට අපි රජයක් හැටියටත් මේ රටේ පුරවැසියො හැටියටත් සතුටුවෙන්න ඕන. ඒකට අවශ්‍යකරන ශක්තිය දෙන්න ඕන. මේ ප්‍රදේශයේ විරැකියාවට, මේ ප්‍රදේශයේ ආර්ථිකය නගාසිටුවන්න මේ සියලුම කටයුතුවලට මූලික වශයෙන්ම මේක දායකත්වයක් ලබන බවද හෙතෙම මෙහිදී අවධාරනය කළේය.
popular news
-
Demuni Uduwara Wednesday, 09 December 2020 04:58 PM
Not to the country but to you.
Reply : 0 3
Demuni Uduwara Wednesday, 09 December 2020 06:15 PM
Humbantota may be developed; not the country .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

