යුද්දෙන් අවපැහැ වී පක්ෂීන්ගේ අලංකාර වූ නන්දිකඩාල් කලපුව
අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.
යුද සමයේදී අවසන් යුද ගැටුම් පැවති නන්දිකඩාල් කලපුව දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් වූවේ ප්රභාකරන් විසින් ජීවිත පලිහක් වශයෙන් යොදා ගෙන සිටි සාමාන්‍ය වැසියන් එම ග්රහණයෙන් මිදී රාත්‍රි කාලයේ නන්දිකඩාල් කලපුව තරණය කොට ආරක්ෂක අංශ වෙතට පැමිණීමත් සමගය.
කෙසේ වෙතත් මේ දින වල දිවයිනේ සෙසු පළාත්හි අධික පෑවිල්ලක් පැවතීමත් සමග නන්දිකඩාල් කලපුව වෙතට විවිධ වර්ගයේ පක්ෂින් පැමිණෙන බවට මුලතිව් ධීවරයින්ද පවසා සිටිති.
මෙසේ පැමිණෙන සංචාරක පක්ෂීන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව සැඳෑ කාලයට ඉතා අලංකාර බවටත් නන්දිකඩාල් කලපුව එසේ අලංකාර කරන සංචාරක පක්ෂීන් අතර ෆ්ලෙමින්ගෝ නැමති පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ දිනවල පැමිණෙන බැවින් එම පක්ෂින් නැරඹීමටද විශාල පිරිසක් නන්දිකඩාල් වෙතට රැස් වෙන බවටද මුලතිව් වැසියෝ වැඩිදුරටත් පවසති.






popular news
-
Champa Monday, 05 August 2019 11:54 AM
අම්මා...... හරිම ලස්සනයි. කලාතුරකින් දකින්න පුළුවන් ලස්සන දර්ශනයක්. නන්දිකඩාල් කලපුව මේ තරම් ලස්සනද? ඔක්කොම නිල් පාට පසුබිමේ, සුදු සහ රෝස පාට flamingos එක්ක, කලපුවට එහා ඈත ගස් පේලියෙන් එපිට සුදුපාට චෛත්යකුත් පේන්න තිබ්බ නම් කියලා වැඩක් නැහැ.
Reply : 24 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

