යතුරුපැදි ආනයන තහනම ඉවත් කරන්නැයි ව්‍යාපාරිකයෝ ඉල්ලති
යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.
කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග දැනට මාස තුනකට පමණ පෙර, රජය විසින් මෙම තහනම පනවා තිබේ. යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසන්නේ කඩකාමර කුලී ගෙවීම්, සේවක පඩිනඩි ගෙවීම්, බැංකු ණය සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දරුණු ඛේදවාචකයකට පත්ව ඇති බවයි.
ඔවුන් මේ බව පවසා සිටියේ යතුරුපැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය විසින් අද (27) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු පළාතේ සියලුම යතුරුපැදි අලෙවි නියෝජිත ආයතන නියෝජනය කරමින් 350කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දක්වමින් දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අසිත පෙරේරා මහතා මෙසේ පැවසීය,
රජයේ මෙම තීරණය නිසා දිවයින පුරා විසිරී සිටින යතුරු පැදි අලෙවි නියෝජිතයන්, සේවා ආයතන, කඩ හිමියන් සහ යැපෙන්නන් ඇතුළු විශාල පිරිසකගේ ජීවනෝපාය දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. හෙල්මට් නිශ්පාදකයින්, ශීට් කවර නිපදවන්නන් ඇතුළුව මෙම ව්‍යාපාරයේ වක්‍රාකාරව ඇති රැකියා අවස්ථා සියල්ල කඩා වැටිලා. දැනට තිබෙන යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මාසයේ අලෙවි කිරීමට පමණයි. අගෝස්තු මාසයේ සිට ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට දැඩි අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා. අපගේ මවු සමාගම් මේ තත්ත්වය සම්බන්ධව අදාල බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කළත් මෙතෙක් කිසිම විසඳුමක් ලැබී නැහැ. මේ සමස්ත ව්‍යාපාරය මගින් වාර්ෂිකව ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 122ක පමණ දායකත්වයක් ලබා දෙනවා. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.”
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට

popular news
-
Prabath Tuesday, 28 July 2020 07:11 AM
Yathuru pada witharak newei 3 wheels saha permit wahana yana dekath wahama nawathwanna thawakalikawa adugane awurudu 3-5 k dakwa. yathurpadi saha 3 wheel walin thamai lankawe anathuru wadima. Permit wahana denne owunge rajakari sndahath ekka. e wunata okkome wage ewa wikunanawa. e nisaa me okkoma thawakalikawa thawaduratath thahanam karanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
