යුගදනවි ගැන ආණ්ඩුවේ පක්ෂ 11ක් පැවැත්වූ සාකච්ඡාව ගැන කල්පනා කළේ නෑ
යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව පක්ෂ 11 ක් පැවැත්වු සාකච්චාව බිළිබදව තවම කල්පනා කර නොබැලු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යෙව්දියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් මහනුවරදි පැවසිය.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමින දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යෙව්දින්ගේ පැනයන්ට පිළිතුරු දෙමිනි.
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මල්වතු හා අස්ගිරි විහාරයන් වලට ගොස් මහනාහිමි වහන්සේලා දෙනම බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට යන අයවැය සම්බන්දව උන්වහන්සේලා දැනුවත් කළේය.
මාධ්‍යෙව්දින්ට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට ප්‍රථමව දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවෙයි කියා තමන් සිතනු ලබන බවද කිය. එහිදි මාධ්‍යෙව්දියෙකු විසින් මහජන බැංකුව බැලැක්ලිස්ට් කර ඇති බව වමසු අවස්ථාවේ ඒ සම්බන්ධව තමාට දන්වා නැති බවද බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

popular news
-
Dayan Sunday, 31 October 2021 11:30 AM
Let him sell the country as he wish.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

