කල්පිටිය මොහොත්තුවරම දුපතේ නාවික හමුදා කදවුරක ඊයේ (28දා) මධ්‍යම රාත්‍රියේ සිදුවූ වෙඩි වැදීමකින් නාවික නිළධාරියකු මරණයට පත්වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ මොහොත්තුවාරම දුපතේ පිහිටි නාවික හමුදා කදවුරේ සුළු නිළධාරි ලෙස කටයුතු කළ (59607 ) විජේරත්න නැමති අයෙකි .
වෙඩි තැබීමට හේතුව රාජකාරි මුර සම්බන්ධව පැවති ආරවුලක් බව වාර්තා වෙයි.
මෙම සිදුවීමෙන් තවත් සෙබළුන් දෙදෙනකේද තුවාල ලබා තිබේ.
පුත්තලම මුලික රෝහලට ඇතුලත් කළ දෙදෙනාගෙන් එක් අයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර තිබුනී.
මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකාර නාවික සෙබළා ගිනි අවියත් සමඟ පලා ගොස් ඇති බවත් මොහුව සොයා කල්පිටිය පොලීසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බව කියයි.