2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා විදේශ ණය ලබා ගැනීමට එය වසර පහක් යනතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටද ඇතුළත් කර නොතිබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
හැකි නම් එම වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙසද ජනපතිවරයා මෙහිදී ආරාධනා කළ අතර, මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යයට එක්වෙමින් ජනනපතිවරයා මේ බව සඳහන් කළේය.
වසර 27ක තම සිහිනය සැබෑ කරමින් මොරගහකන්ද මහා ජලාශයේ රන් දියවර නිකුත් කළ දිනය තම ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කිරීමද ජනපතිවරයාගේ ප්‍රධානත්වයේ අද (23දා) සිදුකෙරිණි.
