මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි. ඒ කළුගඟ දියවර රැඳවුම් මංගල්‍යයට සමගාමීවය.
ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා මෙරට විසූ කෘතහස්ත ඉංජිනේරුවෙකි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සම්බන්ධ මූලික ගවේෂණ කටයුතු සිදුකරන විට ඒ සඳහා කුලසිංහ මහතා සහාය දක්වා තිබේ.
මොරගහකන්ද ජලාශ වේල්ල ඉදිකළ යුතු ස්ථානය එම ගවේෂණ කටයුතුවලදී නිර්ණය වී තිබේ. මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම රැසක් නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවා සැමරීම පිණිස මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.

